'Interstellar කතාව තේරෙන විදිහට | Sinhala Review'

'Interstellar කතාව තේරෙන විදිහට | Sinhala Review'
28:19 Dec 23, 2021
'Copyright issue එකක් නිසා originally upload කරපු video එක block වෙලා තියෙන්නේ. ඒ නිසා මේ re-upload එකේ Interstellar movie එකේ දර්ශණ effects පාවිච්චි කරලා වෙනස් කරලා තියෙන්නේ. මේ review එක කරද්දී, video එකට දැම්ම වගේම ප්‍රමාණයක් අයින් කරන්න උනා, video එකේ දිග වැඩි වෙන නිසා. ඒ දේවල් කිහිපයක් පහතින් සටහන් කරනවා.   1) Black hole එකක් properties දෙකකින් පමණක් විස්තර කරන්න පුළුවන්. ස්කන්ධය (gravitational pull) සහ spin වෙන speed එක. Gargantua black hole එක ළඟ තියෙන Miller Planet එකේ පැයක්, පෘථිවියේ අවුරුදු 7ක් වෙන්න ඒ planet එක black hole එකට බොහෝ සමීප වෙන්න ඕන. Black hole එකෙන් ඒ planet එක ඇදලා ගන්න එක නවතින්න, planet එකට අවශ්‍ය කේන්ද්‍රාපසාරී බලය ලැබෙන්න Gargantua එයට spin වෙන්න පුළුවන් උපරිම වේගයට ආසන්න වේගයෙන් spin වෙනවා. Gargantua spin එක වටේ කලාපයටත් දැනෙනවා. ඒ දැනීමෙන් Miller planet එකත් වේගයෙන් පරිභ්‍රමණය වෙනවා. ඒ පරිභ්‍රමණයෙන් Gargantua gravitational pull එකට සමාන කේන්ද්‍රාපසාරී බලයක් හදාගන්න පුළුවන්.  2) Prof Brand විසඳන්න උත්සහ කළ සමීකරණය, Space සහ Time Warp එක ගැන ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය සහ Quantum Mechanics යන සමීකරණ දෙකම එකට එකතු කරපු එකක් (Unified Theory). Black hole එකක Singularity එක කියන්නේ space and time warp එක සහ Quantum Mechanics දෙකම එකට එකතු වෙන phenomenon එකක්. ඒ නිසයි ඔහුගේ සමීකරණය විසඳන්න Singularity එකේ දත්ත අවශ්‍ය වෙන්නේ.   3) චිත්‍රපටයේ හැටියට park කරලා තියෙන Endurance ship එකේ ඉඳන් Miller planet එකට එන්න Cooper ඇතුළු පිරිස එන Ranger යානය Neutron star (මිය ගිය තරුවක්) වටා sling shot එකක් කරනවා. නමුත් Miller Planet එක 3/C වේගයෙන් කැරකෙන නිසාත්, Gargantua gravity pull එක නිසා Endurance ship එකේ ඉඳන් Gargantua වෙත ඇදෙන Ranger යානයේ වේගය ඊට වඩා වැඩි නිසා, වේගයේ වෙනස හදාගන්න හරි නම් Ranger යානය, Nutron star එකක් වටේ නෙවෙයි, වෙනත් කුඩා black hole එකක් වටා sling shot එකක් කරන්න ඕන.  ( C = ආලෝක වේගය)   4) Lazarus ව්‍යාපෘතියට ගිය අභ්‍යවකාශගාමින් වසර දෙකකට ජීවත් වෙන්න සැපයුම් අරගෙන ගියේ. ඔවුන් වාසයට සුදුසු පරිසරයක් හොයාගත්තම hypersleep එකකට ගිහින් ඉන්නවා. Timer එකකට හෝ ඔවුන් සොයාගෙන ආව කෙනෙක්ට ඕන උනොත් විතරයි hypersleep එකේ hibernate වෙලා ඉන්න කෙනෙක් අවදි වෙන්නේ. Endurance project එකට යන අයත් පෘථිවිය ආසන්න කලාපයේ ඉඳලා සෙනසුරු අසලට එනකම් ඉන්නේ hypersleep එකක.   5) ආදරය යනු කාලය, අවකාශය වගේම විශේෂ බලයක් බව මේ චිත්‍රපටියේ කියන්න උත්සහා කරනවා. Amelia Brand දෙවෙනියට යන ලෝකය විදිහට Edmond Planet එක යෝජනා කිරීම, Cooper Black hole එක ඇතුලට යාම වැනි දේ ආදරය නිසා සිදු උන ක්‍රියාවන්.   6) NASA ආයතනය වහන්න මිනිස්සුන්ගෙන් බලපෑම් එල්ල වෙද්දීත් Endurance ship එක හදමින් තිබුණේ. එය සෑදුවේ පෘථිවිය මත නෙවෙයි, අභ්‍යවකාශයේමයි. මේ යානය මුලින් හදමින් තිබුණේ සෞරග්‍රහ මණ්ඩලයේ planets අතර ගමන් කරන්න. නමුත් wormhole එක නිරීක්ෂණය කරාට පස්සේ, ඒක Cooper ඇතුළු පිරිස wormhole එක හරහා යවන්න පාවිච්චි කරා. ඒ වගේම මේ ship එකේ අලුත් ලෝකෙක තාවකාලික මධ්‍යස්ථානයක් හදන්න අවශ්‍ය resources වගේම සමහර ජීව DNA samples අරගෙන යන්නේ.    7) Review එකේ සඳහන් කරන LIGO ආයතනය ඇත්තමට තියෙන එකක්, ඒ ආයතනය දැනටමත් black holes ගණනාවකින් නිකුත් කෙරුණු gravity waves නිරීක්ෂණය කරලා තියෙනවා.    8) Gravity සමීකරණය විසඳීමෙන් ගුරුත්වාකර්ෂණ බලය මිනිස්සුන්ට අවශ්‍ය විදිහට හදන්න සහ යොදවා ගන්න පුළුවන්කම ලැබෙනවා. දැනට අපි භාවිතා කරන බොහෝ බලය මිනිසුන් විසින් ඇති කරන්න පුළුවන් උණාට, ගුරුත්ව බලය කියන්නේ space එකේ warp වීමෙන් ඇතිවන බලයක් නිසා, මිනිසුන්ට එය කෘතිමව harness කරන්න, manipualte කරන්න පුළුවන් කමක් නෑ.    9) අවසානයේදී Cooperට ඇත්තටම Amelia මුණ ගැසීමට යන්න පුළුවන් වෙයිද කියන එක පැහැදිලි නෑ. Cooper tesseract එකේ ඉඳන් quantum data communicate කරාට පස්සේ, tesseract එක විනාශ වුනා වගේ, Saturn කලාපයේ ඉඳන් Gargantua කලාපයට යන්න තිබුන wormhole එකත් වැසී ගොස් තිබුණොත්, ඔහුට Amelia සොයාගෙන යාම කිසිසේත් කරන්න පුළුවන් වෙන්නේ නෑ. මොකද Edmond Planet එක සහ Gargantua තියෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉඳලා ආලෝක වර්ෂ බිලියන ගණනකට එහායින්.    In this review I talk about the story of the movie Interstellar. This is the Part 2 of my reviews of the movie Interstellar which was directed by Christopher Nolan. In this review, I talk about what happened in the movie and try to explain the theories behind some confusions.   All the footages of movies and TV series used in this video are for the purpose of elaborating the review used under fair use policy. Copyrights belong to the original creators and the respective production houses.   Like My Facebook Page - fb.com/NathGOT  Follow on Instagram - tv_nath  Twitter – ghtvnath  Chapters  00:00 Intro 01:14 Disaster to Earth 03:00 Discovery of Wormhole 04:54 Lazarus Project 06:02 Black holes and Singularity 07:59 Endurance Mission Plan A 09:35 Endurance Mission Plan B 10:30 3 Planets to Visit 11:52 Miller Planet 14:59 Mann Planet 17:57 Endurance ship at risk 20:02 Cooper jumps to Black hole  21:39 Tesseract  24:31 Gravity Equation Solved 25:57 Ending  tags: Interstellar Review, Interstellar Review Sinhala, Interstellar ending explained, what happened in Interstellar, Sinhala movie reviews, sinhala tv series reviews, tv nath reviews' 

Tags: interstellar , tv series , sinhala movies , best english movies , Starwars , Sinhala , interstellar review , albert einstein , theory of relativity , Sinhala subtitles , Sinhala movie review , interstellar ending , interstellar story , Vishwanath , Sinhala Review , tv series review , sinhala tv series review , tharindu , tharindu vishwanath , tv nath , tvnath , sinhala tv series , hype zone , warp of time and space , explained in Sinhala , illumination podcast , ramuwa , interstellar bubble times , techtrack

See also:

comments

Characters